යුද්ධ හමුදාව තුළ ජාති ආගම් කුල භේද නෑ-හමුදාපති

යුද්ධ හමුදාව තුළ ජාති ආගම් කුල භේද නෑ-හමුදාපති

June 18, 2019   08:42 am

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල ජාති, ආගම්, කුල භේද නොමැති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු රුපියල් මිලියන 10ක් වන සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) ඊයේ (17)  මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන ලදි.

එම අවස්ථාවේදි යුද්ධ හමුදාපතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ හමුදාව කැප වී කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා එහිදි ප්‍රකාශ කළේය.

රටේ ආරක්ෂාව තහවුරු කළ ද ඇතැම් දේශපාලන තත්ත්වයන් පාලනය කිරීමට නොහැකි බව ඒ මහතා පවසයි.
 
පසුගියදා පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරි සිදුවීම් දේශපාලන තත්ත්වයන් බවද ඒ මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.