18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වෙයි

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වෙයි

June 18, 2019   06:29 am

මීගමුව පොලිස් වසමේ ඒත්තුකාල මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අතරින් එක් තරුණයෙක් දියේ ගිලී අතුරුදහන්ව ඇත.

මීගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ(17) උදෑසන 9 ට පමණ මෙය සිදුව ඇත.

කෙසේ වෙතත් මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වු දොඹවල, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි රණවීර ආරච්චිලාගේ කවිදු නිමේෂ් රණවීර නැමති තරුණයෙකි.

අතුරුදන් අය සෙවීමේ කටයුතු මීගමුව පොලීසිය, නාවික හමුදාව එක්ව සිදු කරනු ලබයි.

මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.