පාර්ලිමේන්තු මැතිවරණය ගැන ජනමත විචාරණයක් පැවැත්වීම ව්‍යවස්ථා විරෝධියි

පාර්ලිමේන්තු මැතිවරණය ගැන ජනමත විචාරණයක් පැවැත්වීම ව්‍යවස්ථා විරෝධියි

June 17, 2019   01:21 pm

ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් තුළින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීය යුතු ද පිළිබදව මහජනතාවගෙන් විමසීමට අදහස් කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුවේ කාල සීමාව පිලිබද අධිකරණය විසින් පැහැදිලි කිරිමක් සිදුකර තිබියදි ඒ පිළිබද වෙනත් ක්‍රියාමාර්ග වලට යොමුවීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එවැනි ක්‍රියාමාර්ග තුළින් පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමා ගැනීමේ සැලසුමක් පැවතිය හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා සදහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පැවසුවේ ජනමත විචාරණයක් සඳහා යොමුවීමට ජනාධිපතිවරයාට කිසිදු ව්‍යවස්ථාමය බාධාවක් නොමැති බවයි.

නමුත් එම ක්‍රියාමාර්ගය විවිධ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉටු කරගැනීම සඳහා යොදා නොගත යුතු බව ඔහු සදහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මහමැතිවරණයට පෙර ඡනාධිපතිවරණය පැවත්විය යුතු බවයි.