යාපනයේ දී කිතුණු දේව් මැඳුරක සුරුවමක් කඩා දමයි

යාපනයේ දී කිතුණු දේව් මැඳුරක සුරුවමක් කඩා දමයි

June 17, 2019   11:18 am

යාපනය,මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද(17) අළුයම කිසියම් පිරිසක් කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ ධීවර රැකියාව සඳහා යන පිරිසක් සුරුවම කඩා දමා ඇති බව දැක පොලීසිය දැනුවත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පැවසූවේ අරියාලෙයි,මනියම්තෝට්ටම් ප්‍රදේශයේ පැවති මාතා සුරුවමක් දෙව් මැදුරු කුටියෙන් ඉවතට ගෙන කිසියම් පිරිසක් සුරුවම මාර්ගයේ දී කඩා දමා ඇති බවයි.

ප්‍රදේශයේ කිතුණු ජනතාව මහත් බැතියෙන් පුජාවන් පැවැත්වු සුරුවමක් එලෙස කඩා දමා ඇති අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් මෙය සිදුකරන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ මේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කොට වරදකරුවන් අත්අඩංගුවට ගත යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.