නවක වදයට විරුද්ධ වු සිසුවෙකුට පහර දීම නිසා ජපුර ආචාර්යවරු පිරිසක් අධ්‍යයන කටයුතු නවත්වයි

නවක වදයට විරුද්ධ වු සිසුවෙකුට පහර දීම නිසා ජපුර ආචාර්යවරු පිරිසක් අධ්‍යයන කටයුතු නවත්වයි

June 12, 2019   04:33 pm

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සියලු ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත් වී ඇත.

එම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි පැවසුවේ නවක වදයට විරුද්ධත්වය පල කළ සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියට විරෝධය පල කරමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

ඊයේ (11) රාත්‍රියේ නුගේගොඩ විජේරාම හන්දිය ප්‍රදේශයේදී සිසුන් 05 දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

පහරදීම සිදුකළ සිසුන් 05 දෙනා විශ්වවිද්‍යාලයේ විනය අංශයට බාරවන තුරු මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දේශන කටයුතුවලින් ඉවත්ව සිටීමට ආචාර්ය මණ්ඩලය තීරණය කළ බවයි පූජ්‍ය දඹර අමිල හිමි සඳහන් කළේය.