මුල්ලිවයික්කාල්වලදී හසුවු අමුත්තා යළි නිවහනට

මුල්ලිවයික්කාල්වලදී හසුවු අමුත්තා යළි නිවහනට

June 12, 2019   12:41 pm

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධීවර දැලකට හසුවු මුතු තල්මසෙකු නැවත සාගරයටම මුදාහළ පුවතක් වාර්තා වෙයි.

ඊයේ (11) සවස මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එලන ලද දැළකට විශාල මාළුවෙකු හසුවී තිබු අතර, දැල වැල්ලට ඇද බැලීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි.

පසුව තල්මසා දැලින් ඉවත්කොට නැවත සාගරයටම මුදා හැර ඇති බව ධීවරයින් ප්‍රකාශ කර ඇත.

මුලතිව් සාගර කලාපයේ තල්මසුන් මීට පෙරද දැල්වලට හසුව සාගරයට මුදාහළ බව ධීවරයින් සඳහන් කර ඇත.