හාලිඇල ‍ඵෙතිහාසික නුග රුක ගින්නෙන් විනාශයි

හාලිඇල ‍ඵෙතිහාසික නුග රුක ගින්නෙන් විනාශයි

June 12, 2019   11:34 am

හාලිඇල නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ බස්මගී ආවරණය අසල තිබූ වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති ථෙතිහාසික නුග රුක ඊයේ (11) මැදියම් රාත්‍රියේ ගිනිගෙන විනාශවී තිබේ.

බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකය පැමිණ ගින්න නිවීමට උත්සාහ කළද ඒ වන විටත් නුග රුක ගිනිගෙන විනාශ වී අවසන් බව අද දෙරණ වාර්තාකරු සඳහන්  කළේය.

ඒ අසල වෙළදුන් විසින් නුගරුක මුල කසල  ගොඩගසා ගිනි තැබීමක් නිසා හටගත් ගින්නක් ද නැතිනම් වෙනත් හේතුවක් දැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම විමර්ශන සඳහා නුගරුක ආසන්නයේ ව්‍යාපාරික ස්ථානවල ඇති ආරක්ෂක කැමරා උපයෝගි කරගන්නා බවත් හාලිඇල පොලිසිය සඳහන් කළේය.