රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

June 10, 2019   01:51 pm

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු අද(10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සන්සංරණය වෙමින් තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු දුම්රිය මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමට පුහුණුවක් ලත් නිල සුනඛයින් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය දා තීරණය කර තිබුණි.

දුම්රිය ස්ථානවල පිවිසුම් දොරට අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම හා මගීන්ගේ ගමන් මලු කඩිනමින් පරීක්ෂා කිරීම මෙහි අරමුණින්ය.