ලංකාවේ ස්ට්‍රෝබෙරි

June 10, 2019   09:31 am

වැලිමඩ ප්‍රදේශයේ මෙවර වගා කන්නයේ ස්ට්‍රෝබෙරි වගා අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඉඳල්ගස්හින්න, ඕහිය, රහංගල, බොරගස් සහ වැලිමඩ සානුවේ විවිධ ප්‍රදේශවල විශාල පිරිසක් ස්ට්‍රෝබෙරි වගාවේ නිරත වෙයි.

ගෘහස්ථ ගෙවතු වගාවන් ආශ්‍රිතවත් ව්‍යාපාරික මට්ටමිනුත් විවිධ ප්‍රභේදවලට අයත් ස්ට්‍රෝබෙරි සුපිරි වෙළඳ සැල් හා සංචාරකයින් ඉලක්ක කරගෙන මෙලෙස ස්ට්‍රෝබෙරි වගාව සිදු කරති.

මේ වන විට ස්ට්‍රෝබෙරි කිලෝවක තොග මිල රුපියල් 300 - 500 ත් අතර මිලකට අලෙවි වෙයි.