විල්පත්තුව වන රක්ෂිතයට මොකද වෙන්නේ-උකුස්සා සීරුවෙන්

විල්පත්තුව වන රක්ෂිතයට මොකද වෙන්නේ-උකුස්සා සීරුවෙන්

June 1, 2019   07:55 pm

විල්පත්තුව වන රක්ෂිතය යළි විනාශ කරමින් නිවාස ඉදිකිරීම සඳහා කිසියම් පිරිසක් කල්ලාරු රක්ෂිත ප්‍රදේශය ආශ්‍රිතව එළිපෙහෙලි කරන බවට අද දෙරණ උකුස්සාට පසුගිය විසිහය වෙනිදා අනාවරණය කළේය.

එය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශ අනුදැනුම මත සිදුවන්නක් බව සුරකිමු ලංකා සංවිධානයේ සභාපති ජුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසයි. 

පසුගිය විසිහය  වෙනිදා විල්පත්තුව රක්ෂිතය මායිමේ පිහිටි කල්ලාරු රක්ෂිත ප්‍රදේශය  එළිපෙහෙලි කර නිවාස ගොඩනැගීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරන බවට අද දෙරණ උකුස්සා අනාවරණය කළේය.

එහිදි අද දෙරණ උකුස්සා අනාවරණය කළේ ඉකුත් මැයි 23 සහ 24 දෙදින රාත්‍රි කාලයේදී විශාල පස්කපන යන්ත්‍ර යොදා කල්ලාරු වන රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි  ප්‍රමනයක්  එළිකර ඇති බවයි.

එහිදි බැලූ බැල්මට නිවාස 25කට අධික ප්‍රමාණයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික බිම් සකස්කර ඇති ආකාරය සහ තැනින් තැන නිවාස තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩගසා ඇති ආකාරය  දක්නට ලැබුණි.

අද දෙරණ උකුස්සාගේ අනාවරණයත් සමඟ කල්ලාරු රක්ෂිත ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ  මන්නාරම දිසා නිලධාරි කුමාර ඒකනායක මහතාගේ  නිරික්ෂනයට ලක් විය.

මේ අතර  පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළ සුරකිමු ලංකා සංවිධානයේ සමාජිකයන් පරිසක් ඊයේ (31) නිවාස සහ ඉදිකිරිම් අමාක්‍යංශයට පැමිණ නිවාස සැලසුම් අධ්‍යක්ෂක සම්පත් මල්ලවආරච්චි මහතාව දැනුවත් කළේය.

විල්පත්තු රක්ෂිතයේ වන මේ ක්‍රියාකාරකම් සිදුවන්නේ නීතිමය අනුමැතිය මතද ? නැතිනම් කුමන හෝ බලධාරියකුගේ ආශිර්වාදයෙන්ද?

වගකිවයුත්තන්ගේ අවධානය මේ වෙත යොමුවනතෙක් උකුස්සා සීරුවෙන් !