භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක්
සයුරෙන් එතෙර

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක්

May 26, 2019   11:20 am

තායිලන්තයේ චොන්බුරි පළාතේ වරායකදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇත.

සිදුවීමෙන් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ රෝහල්ගතකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නෞකාවේ තිබූ කන්ටේනරයක සිදුවූ කිසියම් පිපිරීමක් හේතුවෙන් ගින්න හටගෙන තිබුණි.

ගින්නත් සමඟ නෞකාවේ තවත් කුඩා පිපිරීම් කිහිපයක් සිදුවූ බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේය.

ගිනිගැනීමට ලක්වූ නෞකාව හොංකොංහි සමාගමකට අයත් එකක් බවද සඳහන්ය.

කෙසේ නමුත් පැය කිහිපයක් ඇතුළත ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් සේවකයන් සමත්ව තිබුණි.

ගින්න හටගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.