නාවික ශ්‍රමයෙන් කොච්චිකඩේ දේවස්ථානයට නව දාන ශාලාවක්

නාවික ශ්‍රමයෙන් කොච්චිකඩේ දේවස්ථානයට නව දාන ශාලාවක්

May 22, 2019   12:56 pm

කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි වන දාන ශාලාව සඳහා අද (22) මුල් ගල තැබිම වතිකානුවේ අතිඋතුම් කාදිනල් ෆිලෝනි හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික පුද්ගලයින් රැසක් සහභාගීවි සිටියහ.

තවද, අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශෝක පණිවිඩය රැගෙන පැමිණි අති උතුම් කාදිනල් ෆිලෝනි හිමිපාණන් මෙම ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා ශෝකය පල කල අතර, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉදි කිරීම් සඳහා ශ්‍රම දායකත්වය සපයන නාවික පුද්ගලයින් සමඟ ද සුහද පිළිසදරක නිරත වී ඇත.