සයිබර් ප්‍රහාරයේ අරමුණ ගැන ශ්‍රි ලංකා පරිවර්තන සමුහයෙන් නිවේදනයක්

සයිබර් ප්‍රහාරයේ අරමුණ ගැන ශ්‍රි ලංකා පරිවර්තන සමුහයෙන් නිවේදනයක්

May 19, 2019   06:42 pm

මෙරට වෙබ් අඩවි කිහිපයකට එල්ල වු සයිබර් ප්‍රහාරයේ බලපෑම මේ වනවිට යථාතත්වයට පත් කරමින් සිටින බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ අදාළ සයිබර් ප්‍රහාරයෙන් ඩොට් එල්.කේ සහ ඩොට් කොම් වෙබ් අඩවි  10ක් පමණ බලපෑමට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

මෙරට පිහිටි කුවෙට් තානාපති කාර්යාල වෙබ් අඩවියද මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පරිවර්තන සමුහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රහාරයේ අරමුණ මෙරට හමුදා සයිබර් ඒකකය අභියෝගයට ලක් කිරීමක් බවයි.

ලංකා වෙබ් අඩවි ගණනාවකට Tamil Eelam Cyber Force මගින් සයිබර් ප්_රහාර මාලාවක් by Prageeth Karunasinghe on Scribd