ත්‍රස්තවාදීට සහය දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සැකයක්

ත්‍රස්තවාදීට සහය දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සැකයක්

May 19, 2019   04:32 pm

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය ලබාදුන් බවට කියවෙන ආමාත්‍ය රිෂාද් බදියුදින් මහතා ඇතුළු පිරිසට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව බරපතළ සැකයක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි.

හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ත්‍රස්තවාදීට කණ්ඩායම් වලට සහය ලබා දුන් බවට චෝදනා කරන රිෂාඩ් බදුර්දීන් හා අනෙක් ආණ්ඩුකාරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ආණ්ඩුව විසින් ඉදිරියේදි ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාසභංග යෝජනාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන් සහයෝගය ලබා දිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා වැඩිදුරටත් පැවසීය.