හිමාලයේ සංචාරය කළ මෝදි
සයුරෙන් එතෙර

හිමාලයේ සංචාරය කළ මෝදි

May 19, 2019   01:31 pm

අප්‍රේල් 11 වන දා ඇරඹි ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද (19) පැවැත් වේ.

මැතිවරණයේ සිය ජයග්‍රහණය පිළිබඳව ඉහල බලාපොරොත්තු තබාගෙන සිටින අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණ දිනයට පෙර දිනය ගතකළ අයුරු පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

 මැතිවරණ උණුසුම මධ්‍යයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හිමාලයා කඳුකර ප‍්‍රදේශයේ සංචාරයකට ගොස් ඇත.
මෝදි කළ සංචාරය

මෙම සංචාරයේදී අගමැති මෝදි කේදර්නාත් නගරයේ කඳුකර ප්‍රදේශයක ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු  සිද්ධස්ථානයක් වැඳපුදා ගැනීමට ගොස් තිබේ.

ඔහු සිද්ධස්ථානය අසළ ගුහාවක භාවනායෝගීව කාලය ගතකරන අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාලන තන්ත්‍ර කටයුතු සියල්ල ජයගෙන ප්‍රබෝධමත්ව සිටීමටත් , වගකීම් සම්භාරයක් දැරීමටත් භාවනාව අත්‍යවශ්‍ය බව අගමැති මෝදි තරයේ විශ්වාස කරයි.

අගමැතිවරයා මෙම සංචාරයට සහභාගී වී ඇත්තේ  ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරට පෙර දිනයේ වීම හේතුවෙන් මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.

මහ මැතිවරණයේ අවසන් අදියරට පෙර දිනයේ ඔහු මෙම සංචාරයට එක්වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.

අප්‍රේල් 11 වන දා ඇරඹි මහ මැතිවරණයේ අවසන් ජන්ද ප්‍රතිඵල එළඹෙන 23 වන දා නිකුත් කෙරෙන අතර ජයග්‍රහණය පිළිබඳව අගමැති මෝදි  ඉහල බලාපොරොත්තු තබාගෙන සිටියි.