ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට 60කට වැඩි පිරිසක් අස්සන් තබයි?

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට 60කට වැඩි පිරිසක් අස්සන් තබයි?

May 15, 2019   09:58 pm

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හැට දෙනකුට වැඩි පිරිසක් අත්සන් තබා ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අද(15) උදෑසන ඒ පිළිබඳව විපක්ෂ නායකවරයා දැනුවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය දා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඊයේ(14) දිනවන විට එම යෝජනාවට මන්ත්‍රීවරුන් 26 දෙනකු අත්සන් තබා තිබුණි.

රතන හිමියන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.