කේරළ ගංජා කිලෝ 78ක් සමඟ 2ක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 78ක් සමඟ 2ක් අත්අඩංගුවට

May 15, 2019   08:55 pm

කේරළ ගංජා කිලෝග්‍රෑම් 78.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද(15) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අදාළ පුද්ගලයින් දෙදෙනා  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන මුර සංචාර වැඩිකිරීම් සහ නිරන්තර සොදිසි කිරීම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා සාගර කලාපයේ නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.