එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති උපදේශකයින්ගෙන් වයඹ සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඒකාබද්ධ ප්‍රකාශයක්

එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති උපදේශකයින්ගෙන් වයඹ සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඒකාබද්ධ ප්‍රකාශයක්

May 15, 2019   07:41 pm

එක්සත් ජාතින්ගේ “ජනසංහාරයන් වැළැක්වීමේ“ සහ “රැකගැනීමට ඇති වගකීම“  පිළිබඳ ව්‍යාපෘතිවල උපදේශකයින් ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ එකාබද්ධ ප්‍රකාශයනයක් නිකුත් කර තිබේ.

මෑතකදී මුස්ලිම් සහ ක්‍රිස්තියානී ජනසමාජයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිදුවී ඇති බව විශේෂ උපදේශකයින් සඳහන් කරන අතර ආසියානු කලාපයේ වර්ධනය වෙමින් පවතින ජාතිවාදය සහ අන්තවාදය ඒ හරහා ඉස්මතු වන බවත් සුළුතර ජනකොටස් ඒ හරහා අවධානමකට ලක්ව ඇති බවත් එම ප්‍රකාශනයේ දැක්වෙයි.

මෙම වෛරීසහගත ප්‍රහාර වහාම නැවැත්වීම සඳහා ලංකාවේ රජය, විපක්ෂය මෙන්ම සිවිල් සංවිධානද ගතහැති සුදුසු පියවර ගතයුතු බවද මෙම ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් වෙයි.

රජය සිදුවීම් වාර්තා වූ ප්‍රෙද්ශවලට හමුදා අංශ යෙදවීම සහ වැරදි තොරතුරු සංසරණය වීම වැළැක්වීමට ගත් කඩිනම් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බවද මෙම ප්‍රකාශනයේ දක්වා තිබේ.

බෞද්ධයෙක් වුවද වුවද හින්දු භක්තිකයෙක් වුවද , මුස්ලිම් වුවද , ක්‍රිස්තියානි භක්තිකයෙක් වුවද එකිනෙකාගේ ආගම ඇඳහීමේ අයිතිය සහ නිදහසේ ජීවත්වීමේ අයිතියට ගරු කරන ලෙසද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධ ප්‍රකාශනයෙන් අවධාරණය කර තිබේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.