කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්ගේ ඇඳුම් මාරුව

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්ගේ ඇඳුම් මාරුව

May 15, 2019   07:29 pm

ඉස්ලාමීය කාන්තාවන්ගේ පර්දාව හා අබායා ඇඳුමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් අද අපූරු විරෝධයක් පළ කළේය.

ඒ පිරිමි සරම හා කමීසයත්, කාන්තාවන් රෙද්ද හා හැට්ටයකිනුත් සැරසී සේවයේ නිරත වෙමින්.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කළුවරගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතික කාන්තා නිළධාරිනියන්ට පර්දාව හා අබායා ඇඳුම කාර්යාලයීය සේවය සඳහා භාවිත නොකරනලෙස ට ඉල්ලීමක් කර තිබුණි.

නමුත් ඔවුන් අදාළ ඉල්ලීමට අනුව කටයුතු කර තිබුණේ නැහැ. 

ඊට විරෝධය දැක්වූ කාර්යාලයේ සෙසු සේවකයින් අද සේවයට වාර්තා කළේ, වෙනස් ඇඳුම්වලින් සැරසීගෙනයි. 

ඒ අනුව පිරිමි සරම හා කමීසයෙනුත්, කාන්තාවන් රෙද්ද හා හැට්ටයකිනුත් සැරසී සේවයට වාර්තා කළේය.

මේ අතර ප්‍රසිද්ධ ස්ථානවලදී තමන් හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන් ඇඳුම් ඇඳීම තහනම් කරමින් 2019.05.13 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත්කෙරුනේය.

ඒ අනුව කිසිදු පුද්ගලයෙකුට ප්‍රසිද්ධ ස්ථානවලදී තමන් හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන් ඇඳුම් ඇඳීම එමගින් වැලකී යනු ඇති.