සහරාන්ගේ ත්‍රස්ථවාදී කල්ලියෙන් සියයට 97ක් දැනටමත් අත්අඩංගුවේ-රුවන්

සහරාන්ගේ ත්‍රස්ථවාදී කල්ලියෙන් සියයට 97ක් දැනටමත් අත්අඩංගුවේ-රුවන්

May 15, 2019   06:29 pm

කුලියාපිටිය , නාත්තන්ඩිය හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ සිද්ධි පිටුපස සිටින්නේ එකම කණ්ඩායමක් බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

මහනුවරදී අද(15) මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ ඇප ලබා සිටින සේවකයින් නව දෙනාට ඇප ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ඔවුන්ව යළි අත්අඩංගුවට ගන්නා බවයි.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහ නා හිමිවරුන් දැනුවත් කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය , වැඩබලන ආරක්ෂක ආමත්‍ය රුවන් විජයවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් අද මහනුරවට පැමිණි අතර ඔවුන් පළමුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැක උන්වහන්සේ දැනුවත් කළේය.

අනතුරුව ඔවුන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමි බැහැදැක වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේව දැනුවත් කරනු ලැබීය.
   
ඉන්පසු පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනා හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් හා පූජ්‍ය දිඹූල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් බැහැදුටුවා. 

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කරූ  ජයසූරිය මහතා කියා සිටියේ,  පෙරේදා රාත්‍රීයේ සිදුවු ගැටුමට සැඟවුුණු හස්තයක් ඇති බවත්, වෙසක් උත්සවය කඩා කප්පල් කිරීමට ද සැඟවුණු හස්තයක් ඇති බවයි.

මෙම සැඟවුණු හස්තය ගැන දැන් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් අනාගතයේ දී මේ පිළිබඳ දැන ගැනීමට හැකි බවත් කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ, සහරාන්ගේ කල්ලියෙන් සියයට 95 ක් 97 ක් අත්අඩංගුවට ඇති බවත්, ඉදිරියේ දී කිසිවෙකුටත් නිදහස් නොදී සියලු ත්‍රස්ථවාදීන් අත්අඩංගුවට ගන්නා බවයි. 

අනතුරුව හුරීකඩුව පොත්ගුල් විහාරය වෙත ගිය පිරිස රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් බැහැදැක රටේ වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළේය.