කුඹුරේ තනි වු දුර්ලභයෙක්

කුඹුරේ තනි වු දුර්ලභයෙක්

May 15, 2019   05:48 pm

දුර්ලභ ගණයේ බකමුණේකු ගාල්ල ,පිලාන  බක්මීගහ  ප්‍රදේශයේ  කුඹුරක අතරමංව  සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබේ.

වෙනදා දැක නොමැති මෙම බකමූණාඅද ( 15)  උදෑසන බක්මීගහ ප්‍රදේශයේ කුඹුරක වැටී සිටියදී වෙනත් සතුන් විසින් පහරදීමට සූදානම් වන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එම සතා බේරාගෙන තිබේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් මෙම අපුරු බකමුණා වනජීවී නිලධාරීන්ට භාරදීමට කටයුතු යොදාතිබුණි.