තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක්

May 15, 2019   12:08 pm

අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද (15) පැවැත්වේ.

අයර්ලන්තය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තරඟාවලියේ පළමු වටයේ අවසන් තරඟය ලෙස අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ අවසන් තරඟය ලබන 17 වනදා පැවැත්වෙන අතර සහභාගී වූ තරග 3 න් 2 ක් ජය ගත් බංග්ලාදේශය සහ තරඟ 4 කට සහභාගී වී ඉන් 2  ක් ජයගත් කොදෙව් කණ්ඩායම අවසන් තරඟය සදහා මේ වන විටත් සුදුසුකම් ලබා තිබේ.