මහමඟදී උස්සපු එළුවා-දර්ශන සහිතයි

මහමඟදී උස්සපු එළුවා-දර්ශන සහිතයි

May 14, 2019   01:55 pm

බදුල්ල, එලදලුව ප්‍රදේශයේ දී මාර්ගයක රැඳී සිටි එළුවෙකු කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර රැගෙන ගොස් තිබේ.

පසුගිය 08 දා මෙම සොරකම සිදු ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාළ පුද්ගලයා විසින් එළුවා සොරකම් කරගෙන යන අයුරු අසල තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු මේවන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධ පද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.