මාපලගම හිමිනම ඝාතනය කළ ඝාතකයා කොටුවෙයි
May 1, 2019 05:42 pm
නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි හිමියන්ගේ ඝාතනය කළ සැකකරු වඳුරඹ ලේල්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල, මාපලගම විද්‍යාතිලක පිරිවෙණේ විහාරාධිපති මාපලගම ගුණසිරි ස්වාමීන් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පන්සලේ වැඩ කටයුතු කරමින් සිට අතුරුදහන් වූ ලේල්වල ගුරුගේ ගුණදාස නමැති 75 හැවිරිදි පුද්ගලයා වඳුරඹ ලේල්වලදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(30) රාත්‍රී 8.00ත් අද(01) අළුයම 5.00 අතර කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙම පුද්ගලයා ලේල්වල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු මීට ඉහත මිනී මැරුම් චෝදනාවක් මත වසර 12ක් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බව ද අනාවරණය වී ඇත.
තමා බීමත්ව සිටියදී අපවත්වූ හිමිනම තමාට පහර දුන් බවත් ඉන් අනතරුව තමා පොල්ලකින් පහර දී හිමිනම ඝාතනය කළ බවත් සැකකරු පොලීසියට පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.
වඳුරඹ පොලීසිය සහ සහ නාගොඩ පොලීසිය එකාබද්ධව පරීක්ෂණ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.