ඇබිත්තයාගේ පහරින් හිමි නමක් ජිවිතක්ෂයට

ඇබිත්තයාගේ පහරින් හිමි නමක් ජිවිතක්ෂයට

May 1, 2019   11:13 am

නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි හිමියන් විහාරස්ථානයේ ආවතේව කරමින් සිටි ගිහි ගෝලයෙකු විසින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(30) රාත්‍රී 8.00ත් අද(01) අළුයම 5.00 අතර කාලයේදී මෙම ඝතනය සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලිස් මූළික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මුදල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ විහාරස්ථානයේ නැවතී සිටි ගිහි පුද්ගයකු වන අතර  මෙම ඝාතනයෙන් පසු එම පුද්ගලයා අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලීසිය වැඩිදුරටත් පවසයි.