තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ නායකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ නායකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

April 29, 2019   02:31 pm

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා පැය 72ක කාලයක් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නේය.

කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට පමුණුවනු ලැබුවේය.

මෙහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බැවින් ඉදිරි පැය 72ක කාලයක් සඳහා ඔහු පොලීසිය භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කිරීමට අවසර දෙන ලෙසයි.

මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයකු ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනෙවලදී කරුණු හෙළි වී ඇතැයි ද පොලීසිය දන්වා තිබෙන බව වාර්තා වෙයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු පොලිසිය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.