පොලිස් අණනොතැකු වෑන් රථයක් තංගල්ලේදී අත්අඩංගුවට

පොලිස් අණනොතැකු වෑන් රථයක් තංගල්ලේදී අත්අඩංගුවට

April 26, 2019   10:56 am

පොලිස් අණ නොතකා ධාවනය කළ මුස්ලිම් ජාතිකයන් ගමන් කළ වෑන් රථයක් සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු ඊයේ(25) රාත්‍රී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අළුත්ගම දර්ගා නගරයේ සහ කල්මුණේ මරදමුණි නගරයේ පදිංචි සිව්දෙනෙකු බව පොලීසිය කියයි. 

තංගල්ල නගරයේ පාලම මත පොලිස් මාර්ග බාධකයේදී නිලධාරීහු මෙම රථය නවත්වන ලෙස අණ කළද රථයේ රියැදුරු රථය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලීසිය කියයි. 

මේ හේතුවෙන් වැගන් රථය ලුහුබැඳගොස් අත්අඩංගුවට ගෙන තිබිණි.