බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

April 25, 2019   05:32 pm

පාස්කු ඉරිදා දින ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාලව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් අද(25) මාධ්‍යයට නිකුත් කළේය.

ඒ අනුව මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා යන පුද්ගලයින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ දුරකථන අංක 071 859 1771 යන අංකය 011 2422176 යන අංකය හෝ 011 2395605 යන අංකය අමතා තොරතුරු දැනුම් දිය හැකියි.

මේ අතර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ විශේෂ ආරක්ෂක මෙහෙයුම් වලින් අනතුරුව සැකපිට පුද්ගලයින් 76දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුනේ ඇතැම් ත්‍රස්තවාදීන් ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට අනුබල දුන් හා ආරක්ෂාව සැපයූ පුද්ගලයින් රැසක් පොලිස් භාරයට ගැනීමටත් ඔවුන් රැඳී සිටි රහස් නිවාස සොයාගැනීමටත් හැකිවූ බවයි.

මෙම දිවයින පුරා සිදුකරන විශේෂ ආරක්ෂක මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිද හමුදා නිලධාරීන් 10.000ක් සහ සිවිල් ආරක්ෂක දෙපර්ථමේන්තුවේ නිලධාරීන් 2000කට අධික පිරිසක් යොදවා ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.