නුවරඑලිය සෝදිසියක දී ඩෙටනේටර් 198ක් සොයා ගනී

නුවරඑලිය සෝදිසියක දී ඩෙටනේටර් 198ක් සොයා ගනී

April 25, 2019   04:32 pm

නුවරඑලිය, හාවාඑළිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බෝක්කුවක් මත තිබී ඩෙටනේටර් 198ක් හමු වූ වී ඇත.

හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක අසළ බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලීසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලීසිය එක්ව අද (25) උදැසන 10.30ට පමණ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරීක්ෂා කර බැලීමේදි ඒ තුළ ඩෙටිනේටර් 198ක් තිබු බව නුවරඑලිය පොලිසිය ප්‍රකාශ කර ඇත.

නුවරඑලිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන නිසා කිසියම් අයෙකු විසින් මෙම ඩෙටනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව පොලීසිය සැක පල කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලීසිය සහ යුධ හමුදාව විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.