කොළඹට ඇතුළු වු බවට සැක සහිත ලොරි රථයක් හා වෑන් රථයක් ගැන අවදානයෙන්
April 23, 2019 03:29 pm
කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි සැලකෙන සැක සහිත ලොරි රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ දිසාවේ සියලූම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබේ.
එමෙන්ම කොළඹ දිසාවේ සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ආරක්ෂාව මේ වන විට තර කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
