උකුසු ඇසට හසු වු කූට ජාවාරම

උකුසු ඇසට හසු වු කූට ජාවාරම

April 15, 2019   10:56 pm


කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

උකුස්සාගේ අද හෙළිදරව්ව ඒ පිළිබඳයි.

දෛනිකව විදෙස් රටවල සිට මෙරටට ගුවන් මගින් විශාල පිරිසක් දිවයිනට පැමිණේ.

එලෙස පැමිණෙන මගීන්ට මෙහි ස්ථාපිත කර ඇති තීරුබදු රහිත වෙළඳසැල් මගින් විදෙස් මැත්පැන් වැනිදෑ අඩු මිලට ගැනීමට හැකියාව පවතියි.

ඒ අනුව විදෙස් මත්පැන් රැගෙන එන ශ්‍රී ලාංකිකයින්ගෙන් කූට ලෙස එම මත්පැන් බෝතල්  අඩු මිලට ගෙන මෙරටදී අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව ක්‍රියාත්මක උකුස්සා දින ගණනකාවක් පුරා කටුනායක ගුවන්තොටුපලෙහි සිදුකළ ගවේෂණයේදී දැකගත හැකිවුණේ එහි රැඳී සිටින සංවිධානාත්මක පිරිසක් මෙම ජාවාරම සිදුකරන බවයි. 

එහිදී රුපියල් 300ක මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා මොවුන් ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටිමින් මෙරටට පැමිණි පුද්ගයෙකුගෙන් විදෙස් මත්පැන් ලබා ගන්නේය.

අනතුරුව එහි සිටි පුද්ගලයෙකු විසින් ජාවාරම්කරුවෙකුට මුදල් ලබා දී මත්පැන් බෝතල් රැගෙන යනු ලැබයි. 

අප එහි යාමට පෙර ඔවුන් විසින් මිලදී ගත් විදෙස් මත් පැන් බෝතල් කිහිපයක්ද දැකගත හැකි විය. 

මේ අතර පිටවීමේ පර්යන්තයට පිටතින් කිසිවක් රැගෙන ආ නොහැකි පසුබිමක තවත් අයෙක් විසින් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙහි රැදීසිටියදී විදෙස් මත්පැන් බෝතල් කිහිපයක් බෑගයක දමා රැගෙන ආ ආකාරය දැකගත හැකි විය. 

මෙතරම් ආරක්ෂාවක් තිබියදීත් රටට බදුමුදල් අහිමි කරමින් ඔවුන් කිසිඳු පැකිලමකින් තොරව මෙම ජාවාරම ජයටම කරගෙන යන්නේ කෙසේද?

ගුවන්තොටුපල බලධාරීනි, මේ ඔබේ අවාධානය පිණිසයි.