එජාපයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් ඇති එකම නායකයා ගැන රවී කියයි

එජාපයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් ඇති එකම නායකයා ගැන රවී කියයි

April 15, 2019   07:31 pm

එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අසත්‍ය ප්‍රචාර පතුරවමින් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව මඩකලපුව ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. 


එහිදි එක්සත් ජාතික පක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පල කළේය.