මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

April 15, 2019   05:45 pm

කුලියාපිටිය, බැමිණිගල්ල ප්‍රදේශයේදී යකඩ මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්විමක් දුරදිග යාමෙන් අදාළ පහරදීම සිදු කර ඇති බව පොලීසිය පැවසීය.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අක්කර 40, බැමිනිගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.