පළාත් රැසකට තද වැසි සමඟ ප්‍රභල අකුණු

පළාත් රැසකට තද වැසි සමඟ ප්‍රභල අකුණු

April 15, 2019   05:24 pm

මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වල වැසි සමඟ ප්‍රභල අකුණු සහ ගිඟුරුම් ඇතිවීමේ හැකියාව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ පැ.කි.මී. 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමිටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලටත් අනුරුධපුර දිස්ත්‍රික්කයටත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැසි පවතින අවස්ථාවලදී අකුණු ඇති විය හැකි බැවින් එම අනතුරුවලින් ආරක්ෂාවිමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.