අනතුරකින් එකම පවුලේ 4ක් රෝහලට

අනතුරකින් එකම පවුලේ 4ක් රෝහලට

April 15, 2019   04:02 pm

නුවරඑළිය-හැටන් මාර්ගයේ කොටගල, පොරස්ට්ක්‍රීස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දක ගැටී පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

අද(15) උදෑසන 7.00 ට පමණ  මෙම අනතුර සිදුව ඇති බව පතන පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ මව, පියා හා දරුවන් දෙදෙනෙකුවන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොටගල රජයේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

නින්දයාම නිසා මෙම අනතුර සිදුව ඇති බව ත්‍රී රෝද රථය පැදවු පුද්ගලයා පොලීසියට පවසා තිබේ.

නුවරඑළිය සිට ගාල්ල ප්‍රදේශයේ ඥාතී නිවසකට යමින් සිටි පිරිසක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.

උඩරට මාර්ගවල රිය ධාවනය කිරීමේදී දැඩි ලෙස කල්පනාකාරී ලෙස මෙන්ම නිදිමත ගතියක් දැනුනහොත් විවේකයක් ගෙන නැවැත රිය ධානවය කරවන ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.

මෙම අනතුර සම්බන්ධයෙන් දිඹුල-පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.