දුර ගිය බහින්බස් වීම මරණයෙන් කෙලවර වෙයි

දුර ගිය බහින්බස් වීම මරණයෙන් කෙලවර වෙයි

April 15, 2019   03:16 pm

අම්බලන්තොට, උහපිටගොඩ ප්‍රදේශයේදී දෙපාර්ශවයක් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුව සිදු කළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට මාමඩල බැමිණියන්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වන එස් එම් කසුන් එරන්දික නැමති අයෙකු වේ.

මියගිය පුද්ගලයා විවාහක අයෙකු වන අතර ඔහු මීට මාස 03කට පමණ පෙර සිට බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිට ඇති අතර මිය ගිය පුද්ගලයා සහ තවත් 4 දෙනෙකු ඊයේ(14) අම්බලන්තොට උහපිටගොඩ බිරිඳගේ නිවසට පැමිණ බිරිඳගේ සොහොයුරාට ආයුධයකින් පහර දී තුවාල සිදුකර නිවසට ද යම් අනර්තයක් සිදු කර ආපසු යමින් සිටිය දී කිසියම් අයෙකු අතින්  ඝාතනයට ලක්ව තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ  ආරම්භ කොට ඇති අතර මේ වන විට සැකකරුවන්  4 දෙනෙකු ද අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. 

මිය ගිය පුද්ගලයාගේ සිරුර අම්බලන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල කරුවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලේ සහ එක් අයෙකු අම්බලන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.