අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගන්න අගමැති බඹරකැලේ ශ්‍රී මහා විහාරයට

අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගන්න අගමැති බඹරකැලේ ශ්‍රී මහා විහාරයට

April 15, 2019   02:31 pm

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පෙරවරුවේ නුවරඑළිය බඹරකැලේ ශ්‍රී මහා විහාරයට පැමිණ තිබුණි. 

බඹර කැලේ ශ්‍රී මහා විහාරයට අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුව විහාරාධිපති පූජ්‍ය මීතනෑවේ සුගතනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා ආගමිකවතාවත්වලද නිරත වුණි.

ඉන්පසුව බඹර කැලේ ශ්‍රී මහා විහාරයේ විහිරාධිපති හිමියන් විසින් නුවරඑළිය ප්‍රෙද්ශයේ පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.