විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 170ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 170ක් අත්අඩංගුවට

April 15, 2019   01:43 pm

‍දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය සිදු කළ වැටලිමකදී බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(14) උදෑසන 06.00 සිට අද(15) උදෑසන 06.00 දක්වා පැය 24ක කාලය තුළ එම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

 එම කාලය තුළ රථ වාහන සම්බන්ධයෙන් නඩු 3036ක් ලබාගෙන තිබේ.

උත්සව සමයේ අනතුරු අවම කර ගැනිමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය 11 වනදා ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට බීමත් රියදුරන් 941 දෙනෙකු අත්අඩංගුවට ගෙන රථ වාහන සම්බන්ධයෙන් නඩු 29,461ක් ලබා ගෙන තිබේ.