ප්‍රදේශ කිහිපයක සිදු වු අනතුරුවලින් ජීවිත 3ක් අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදු වු අනතුරුවලින් ජීවිත 3ක් අහිමි වෙයි

April 15, 2019   01:23 pm

තඹුත්තේගම,පේදුරුතුඩුව සහ අම්බලන්තොට යන ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

තඹුත්තේගම එප්පාල හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 24 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශම පදිංචිව සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

එමෙන්ම පේදුරුතුඩුව, කෝලිකඩ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවත පැන විදුලි රැහැන් කණුවක ගැටී 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය  සදහන් කළේය.

මේ අතර අම්බලන්තොට, පොලියර්වත්ත හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් පැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 32 හැවිරිදි පසුපැදිකරු මියගොස් ඇති බව වාර්තා වෙයි.