කඹුරුපිටියේ ඇසිඩ් ප්‍රහාරයකින් 09 දෙනෙකුට තුවාල
April 15, 2019 12:26 pm
කඹුරුපිටිය, ඕමාරහේන ප්‍රදේශයේදී පිරිසක් විසින් එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එක් පාර්ශවයක් විසින් වෑන් රථයකට සහ නිවසකට ගිනි තබා එම නිවසේ සිටි පිරිසට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අකුරැස්ස සහ ආඳාපාන රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.
ගින්න ප්‍රදේශවාසීන් විසින් මැඩපවත්වා ඇති අතර කඹුරුපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.