ලන්ඩනයේදී අත්අඩංගුවට පත් ලාංකිකයන් ගැන කිසිදු තොරතුරක් දැනුම් දී නෑ

ලන්ඩනයේදී අත්අඩංගුවට පත් ලාංකිකයන් ගැන කිසිදු තොරතුරක් දැනුම් දී නෑ

April 15, 2019   11:47 am

ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ත්‍රස්ත සංවිධානයකට අයත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පසුගියදා ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් මොවුන් ශ්‍රී ලාංකිකයින් බව පැවසුව ද ඒ සම්බනධයෙන් කිසිදු තොරතුරක් මෙට්රොපොලිටන් පොලීසිය විසින් එරට තානාපති කාර්යාලයට ලබා දී නොමැති බවද එම අමාත්‍යංශය සදහන් කළේය.

මෙම ශ්‍රී ලාංකකියින් බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද ඔවුන් පවසා සිටියේය.

පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි මොවුන් සිවි දෙනා පසුගිය 11 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ අනුව ඔවුන් මේ වන විට එංගලන්තයේ බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.