නාමල් උපන්දිනය සැමරූ හැටි

April 11, 2019   03:12 pm

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් තංගල්ල රුහුණු කරළිය සංවිධානය විසින් වැඩිහිටියන් 200දෙනකු සඳහා දිවා ආහාර ලබා දීම අද (11)  පෙරවරුවේ තංගල්ල පුරාණ වනවාස කුඩා විහාරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ද සහභාගීත්වයෙන් සිදු විය. 

මෙහිදී නාමල් රාජපක්‍ෂ මහතා විසින් වැඩිහිටියන් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීමද සිදුවුනි. 

එහිදි අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ වැඩිහිටියන්ට ලබා දෙන දීමනා වැඩි කර ඔවුන්ට පහසු වන පරිදි ඒවා නිවෙස් වෙතට ලැබීමට සැලැස්විය යුතු බවයි.