රංගන ශිල්පී රයන් රෝයන් යළි රිමාන්ඩ්

රංගන ශිල්පී රයන් රෝයන් යළි රිමාන්ඩ්

April 11, 2019   11:50 am

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල මහතා හමුවට ඉදිරිපත් කළ ඔහු ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මේ අතර මදූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන  පසුගියදා මෙරටට පිටුවහල් කළ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල නමැති සැකකරු මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කර තිබේ.