වැඩිහිටි ප්‍රජාව සවිබල ගන්වන්න රජයෙන් විශේෂ වැඩසටහනක්

වැඩිහිටි ප්‍රජාව සවිබල ගන්වන්න රජයෙන් විශේෂ වැඩසටහනක්

March 21, 2019   10:11 am

ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක රජය තීරණය කර තිබේ.

වර්තමානය වන විට ශ්‍රි ලංකාවේ සමස්ත ජනගහණයෙන් ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සියයට 15 ක් පමණ වෙන බව වාර්තා වෙයි.

ඔවුන්ට මුහුණ දීමට සිදුවන අසමානතාවයන් අවම කරමින්, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සැපයීම මඟින් ඔවුන් වෙනත් අයෙකු මත යැපීමකින් තොරව, ගෞරවාන්විතව ජිවිත්වීමට හා ඔවුන් රටේ සංවර්ධනයට දායක කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කළ යුතුව ඇති බව ද රජය පවසයි.

මේ පිළිබඳ අවධානය යොමු කරමින්, මෙම වැඩසටහන සිදු කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව පොදු සේවා හා පහසුකම් භාවිතයේ දී සමානාන්තමතාව තහවුරු කිරීම හා ඒවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික හා සාමාජීය වශයෙන් ඔවුන් සවිබල ගැන්වීම, ඔවුන් සමස්ත ප්‍රජාව තුළ වෙනස් කොට නොසලකා කටයුතු කිරීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම හා චර්යා ප්‍රවර්ධනය හා සමීක්ෂණ, පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදනය යන කේෂ්ත්‍ර ආදිය ගැන අවධානය යොමු කරමින් පිළියෙළ කරනු ලැබ ඇති ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ වැඩසටහන ජනපති කාර්යාලය මඟින් අනෙකුත් සියලු පාර්ශවයන්ගේ සහාය හා සම්බන්ධීකරණය සහිතව ඒකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.