ලංකාව ගැන ජිනීවා වාර්තාවට අදාළ විවාදය අද

ලංකාව ගැන ජිනීවා වාර්තාවට අදාළ විවාදය අද

March 21, 2019   07:20 am

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට අදාල විවාදය අද (21) පැවැත්වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසින් ඊයේ (20) නිල වශයෙන් එම වාර්තාව සමුළුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඇය විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ප්‍රකාශ කළද තවත් පියවර රාශියක් ගත යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව විදේශීය විනිසුරන් යොමු කිරිම, ශ්‍රී ලංකාව තුල කාර්යාලයක් පිහිටුවිම ඇතුළු කරුණු කිහිපයක් ඇය විසින් යෝජනා කර ඇත.

එහෙත් යෝජනාව වෙනුවෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය තිලත් මාරපන මහතා ප්‍රකාශ කළේ මෙරට තුළ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ව්‍යවස්ථානුකූල ඉඩකඩක් නොමැති බවය.

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පැහැදිලි පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.