ලොරි රථයක් ඇළකට පෙරළීමෙන් අයෙක් මියයයි

ලොරි රථයක් ඇළකට පෙරළීමෙන් අයෙක් මියයයි

March 16, 2019   08:13 am

ගම්පහ පොලිස් වසමේ බණ්ඩාරවත්ත බදුවතුගොඩ මාර්ගයේ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු හා තවත් දෙදෙනෙකු එහි ගමන් කර ඇති අතර ඇති අතර රියදුරු හා එක් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් තිබේ.

ඊයේ (15) සිදුවූ මෙම අනතුරින් මරණයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 53ක් වූ අංක 83, පොල්හේන, වැල්ලගෙදර ලිපිනයේ පදිංචි අයෙක් බව වාර්තා වෙයි.

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු ගම්පහ පොලීසිය විසින් සිදුකරනු ලබයි.