කුඹුරු රකින්න ගිය දෙදෙනෙකුට කළ අමානුශික ක්‍රියාවක්

කුඹුරු රකින්න ගිය දෙදෙනෙකුට කළ අමානුශික ක්‍රියාවක්

March 15, 2019   10:20 pm

වවුනියාව, ඕමන්ත, සේමමඩුව ප්‍රදේශයේ වගා ඉඩම් රැකීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු හට කිසියම් පිරිසක් විසින් කැපුම් තුවාල සිදු කොට ඇත.

ඊයේ (14) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මෙම තුවාල සිදු කොට ඇති අතර අදාළ පහරදීම් හේතුවෙන් සේමමඩුව ප්‍රදේශයේ පදිංචි  37 හැවිරිදි පුද්ගලයෙකු හා නමැති 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන්  ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ අත් හා පාදවල කැපුම් තුවාල පවතින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

අදාළ පහරදීම් සිදුකළ පුද්ගලයින් සොයා පරීක්ෂණ මෙහෙයවන අතර, පෞද්ගලික ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බව පොලීසිය සැක පළ කරන බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව අප වාර්තාකරු සඳහන් කරයි.