අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය රංගනයක නිරත වූ බව පොහොට්ටුව කියයි

අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය රංගනයක නිරත වූ බව පොහොට්ටුව කියයි

March 15, 2019   07:28 pm

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද රංගනයක නිරත වූ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

අද(15) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සඳහන් කළේ විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගිමේ අවශ්‍යතාවය හේතුවෙන් තම මන්ත්‍රීවරුන් ඉවසීමෙන් කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසීය.

“අපි පාර්ලිමේන්තුවේ අභාග්‍ය සම්පන්නම කාලයයි මේ ගත කරන්නේ. ජනතාව හැමදේටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චෝදනාවට ලක්කරනවා. ආණ්ඩුව මොනවාද ජනතාවට දෙන සහනය කියලා අහන ගමන් 225 දෙනාටම චෝදනා රකනවා ඇයි මේ අණ පනත් වලට විරුද්ධව කටයුතු කරන්නේ නැත්තේ කියලා අහනවා. 

පසුපෙල මන්ත්‍රීවරු කිව්වේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන බවයි. ලොරි ටෝක් දුන්නාට ඒදා දවසේ මේ අයගේ කොදු කැඩුනු හැටි මම සජීවීව දැක්කා. ඒ උදවියගේ පැත්තෙයි මාව අසුන් ගන්වලා තිබුනේ. අපි අයවැයට විරුද්ධවයි ඡන්දය දුන්නේ.

අපි දන්නවා ඒජාපයේ ගේන්නේ සාපකාරී අයවැය බව. දැන් ඉන්න ජනාධිපතිතුමා අපිව ගෙන්වලා අපිව වාඩි කරලා ඡන්දෙ දෙනවාද ඇහුවමත් අපි කිව්වේ ඡන්දය දෙන්නේ නැති බවයි. මෙනාවද මේ වෙනකල් ගෙනාපු අයවැය වලින් වුනේ. 

දැන් 3.3ට ආර්ථික සංවර්ධනය වැටිලා. රටට ජනතාවට සෙතක් වෙලාද. ඒජාප පසුපෙල මන්ත්‍රීවරු ගෙනාපු රජගනය මොකක්ද. අගමැති කතාකරලා ඡන්දේ දෙන්න ලැහැස්ති වෙන්න කිව්වාම හරි සර් කියලා පැත්තකට වුනා.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඡන්දයක් ඉල්ලුවා. ඒ වුනාට ප්‍රජාතන්තුවාදයේ පියා වුනු කථානායකතුමාට චමින්ද විජේසිරි ඡන්දය ඉල්ලනවා ඇහුනේ නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලන්න මන්ත්‍රිවරයෙක්ට අයිතයක් තියෙනවා. කථානායකවරයා අත්තරයක් දෙන්නේ නැහැ. අගමැතිවරයායි සභානායකවරයායි සම්මතයි කියනවා. 

ඇයි මේ විදියට කොලොප්පම් කරන්නේ . ජනතා මුදල්නේද මේ නාස්ති කරන්නේ. මේ උදවිය ලක්ෂ දෙකේ දීමනාව අවුරුදු තුනක් කැත නැතිව ගත්තානේ. ජනතාව වෙනුවෙන් වැඩ කරනවා නම් වැඩකට නැති ප්‍රකාශ කරලා ඊට  පස්සේ ඡන්දේ දෙනවා. 

ඡන්දෙට කලින් ජනාධිපතිවරයාට කොදු කැඩෙන්න ගැස්සුවා. වැය ශීර්ෂයට කොළඹ පුත්තලම් පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පහර දුන්නා. ඒ්ක කලෙත් පක්ෂ නායකයෝ. 

සමහරු ඇවිත් කතිකයා කතා කරලා ඉවර වුනාම අහනවා අර ටිකත් කිව්වා නෝද කියලා. මම මේ හැමදෙයක්ම අහගෙන හිටියේ. ඒ නිසා ජනාධිපතිවරයා ඒක තැනක, අගමැතිවරයා ඒක තැනක, ආන්ඩුව තව තැනක තියාගෙන ආන්ඩුවක් ගෙනියන්න බැහැ. 

අපි ආන්ඩුව පටන් ගත්ත දවසේ ඉදන්ම මේ ගැන කිව්වා. මේ සම්මුතිවාදී ආන්ඩු ගහගත්තේ ජනතාව කොල්ලකාලා. රාජ්‍ය දේපල මංකොල්ල කාලා. ඒකටයි 19 වැනි සංශෝධනයෙන් ආන්ඩුව වසර හතරහාමාරක් යනකල් විසුරුවන්න බැහැ කියලා යෝජනාවක් සම්මත කර ගත්තේ“