සිසු සැරියට අලුතින් බස් රථ 100ක්

සිසු සැරියට අලුතින් බස් රථ 100ක්

March 15, 2019   07:09 am

පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව අරමුණු කර ගනිමින් ‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිකාරච්චි මහතා පැවසීය.

පාසල් ළමුන්ගේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන බස්රථ 1,400 ප්‍රමාණවත් නොවේ. 

එම හේතුවෙන් හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත 2019 වසරේ ‘සිසු සැරිය, ‘නිසිසැරිය’, ගැමිසැරිය’ බස් රථ සේවාව දියුණු කිරීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 700ක් ඉල්ලා තිබේ. 

එම මුදල් ලැබුණු විගස අදාළ සේවාව ප්‍රමාදයකින් තොරව සිදුකරන බව ජනත මල්ලිකාරච්චි මහතා පැවසීය.