මූලික වැටුප 1000 කරන්න ඉල්ලා වතු ජනතාවගෙන් පෙත්සමක්

මූලික වැටුප 1000 කරන්න ඉල්ලා වතු ජනතාවගෙන් පෙත්සමක්

February 19, 2019   08:19 am

තම මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරදෙන ලෙස බල කරමින් ජනතා පෙත්සමකට අත්සන් කිරිමේ වැටසටහනක් නාවලපිටිය ගලමුදුන වතු යායේදි සිදුකර තිබේ.

රුපියල් 1000 වැඩි කිරිමේ ව්‍යාපාරය විසින් දිවයින පුරා වතු කම්කරුවන්ගෙන් අත්සන් ලබා ගැනිමේ වැඩසටහනට සමගාමිව ඊයේ(18) නාවලපිටිය ප්‍රදේශයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස් වු වතු කම්කරුවන් විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත් විමෙන් අනතුරුව පෙත්සමට අත්සන් කිරිම සිදු කරනු ලැබීය.

වතු කම්කරුවන් ප්‍රජාවගෙන් අත්සන් ලබා ගන්නා පෙත්සම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශව කිහිපයකට මෙම පෙත්සම ලබා දිමටයි රු 1000 ව්‍යාපාරය සැලසුම් කර ඇත.